එ.ජා.ප.ය නවීනත්වයෙන් යුතු ගමනකට සුදානම් ?
ඉදිරියේදී සිදු කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතුවලදී ගාමිණී දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන නවීන් දිසානායක ම...
ඉදිරියේදී සිදු කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතුවලදී ගාමිණී දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන නවීන් දිසානායක මහතා හට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
මේ සදහා දැනටමත් පක්ෂ නායකත්වය වෙත යෝජනා ඉදිරිපත්ව ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් නායකත්වයෙන්ද පළවී ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම ජනාධිපතිවරණ පරාජයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ පෞද්ගලික නිල සාකච්ජාවටද වික්‍රමසිංහ මහතා නවීන් දිසානායක මහතා රැගෙන යාමට කටයුතු කර තිබිණ.
මීට අමතරව පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතුවලට අදාළ යෝජනා සියල්ල නවීන් දිසානායක මහතා හරහා තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසද වික්‍රමසිංහ මහතා පක්ෂයට දැනුම් දී ඇත.
දැනට නවීන් දිසානායක මහතා එජාපයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබයි.
(- මව්රට)