පාසල් සිසුන්ගේ පැමිණීම 90% ඉක්මවයි
දිවයින පුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම 21 දිනය වනවිට 90%ක් ඉක්මවා තිබූණු බව වාර්තා වෙයි. සිසුන්ගේ පැමිණීම මෙසේ සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ...
දිවයින පුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම 21 දිනය වනවිට 90%ක් ඉක්මවා තිබූණු බව වාර්තා වෙයි. සිසුන්ගේ පැමිණීම මෙසේ සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ බැවින් අධ්‍යයන කටයුතු ද නියමිත පරිදි පවත්වා ගෙන යෑමට කටයුතු කළ බව පාසල් ප්‍රධානීහු සඳහන් කළහ.
බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක තුනට අයත් පාසල්වල ඊයේ (21) දිනයේ සිසුන්ගේ පැමිණීම 80%ත් 90%ත් අතර ඉහළ ප්‍රතිශතයක් ගෙන තිබූ බව ඒ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසීය.
ආරක්ෂක අංශ සහ මවුපියන් එක්ව සියලු පාසල්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත්, එහෙයින් පාසල් භූමිවල ආරක්ෂාව මේ වනවිට තහවුරු වී ඇති බවත් ඒ මහතා සඳහන් කෙළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීම ඊයේ දිනය වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ බව විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා පැවසීය. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ පැමිණීම 80%ක් දක්වා ද, 6 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල පැමිණීම 60%ක් දක්වා ද ඊයේ දිනයේ ඉහළ ගොස් තිබූ බව විදුහල්පති බී.ඒ.අබේරත්න මහතා සඳහන් කෙළේ ය. පසුගිය සතියේ පැවැති තත්ත්වය සමඟ සසඳා බලන විට මෙය ඉහළ වර්ධනයක් බවද විදුහල්පතිවරයා සඳහන් කෙළේ ය.
කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන්ගෙන් 75%ක් පමණ ඊයේ දිනයේ පාසල් පැමිණි බව එහි නියෝජ්‍ය විදුහල්පතිනියක වන සුමුදු වීරසිංහ මහත්මිය පැවසුවා ය. මෙය පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් හතරෙන් තුනක් පමණ වන බව ද නියෝජ්‍ය විදුහල්පතිනිය සඳහන් කළා ය.
බොරැල්ල ගෝතමී බාලිකා සිසුවියන්ගෙන් තුනෙන් එකකට වැඩි වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනයේ පාසල් පැමිණි බවත්, ඉදිරියේදී එය තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් එහි නියෝජ්‍ය විදුහල්පතිනියක දිනමිණට පැවසුවා ය. කොළඹ අසෝක විද්‍යාලයේ සිසුන් 1756ක් මෙදින පාසලට පැමිණි බව එම පාසලේ ප්‍රකාශිකාවක සඳහන් කළා ය. කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසුන් තුන්දහසකින් 2169ක් මෙදින පාසලට පැමිණි බව එම විද්‍යාලයේ ප්‍රකාශකයකු දිනමිණට පැවසීය. මෙය පසුගිය සතියේ සිසුන්ගේ පැමිණීම සමඟ සසඳා බලන විට විශාල වැඩිවීමක් බවද හෙතෙම පැවසීය. කොළඹ ප්‍රදේශයේ සෙසු පාසල්වල ද සිසුන්ගේ පැමිණීම ද 21 වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනු දක්නට ලැබුණි.